ඉන්දියාවටත් කලින් අපට විදුලි ආලෝකය හදුන්වා දී ඇත
1881 වසර ....
එංගලන්තයේ බ්‍රිස්ටල් නගරය ලොව ප්‍රථම වරට විදුලියෙන් ආලෝක මත් වු නගරයයි.ලංකාව එවකට බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවතීම යම් ආශිර්වාදයක් ලෙසටද හුවා දැක්විය හැකිය.මන්ද එම වසරේම අද වැනි දිනක(1881 ජුනි 26) කොලඹ වරායට සේන්දු වු ලන්ඩන් ලොයිඩ් සමාගමට අයත් එස් එස් හේලොස් නෞකාව වරායේ නවතා තිබියදී එහි දැල්වු විදුලි ධාරාව සියැසින් දැකබලා ගැනීම ලාංකිකයන්ගේද පලමු විදුලි අත්දැකීම විය
මේ අරුම පුදුම ආලෝකය සියැසින් දැකබලා ගැනීමේ නොතිත් ආශාවෙන් යුතු ජනයා ඈත ප්‍රදේශ සිටද පයින්ද ගොනුන් බැදි කරත්ත වලින්ද බක්කි කරත්ත වලින්ද යමක් කමක් ඇත්තාවූ අය අශ්ව කරත්ත වලින්ද කොලඹට වැල නොකැඩී ඈදී එන්නට විය.මේ මහා අරුම පුදුම ආලෝකය සියැසින් දැකි ලාංකිකයෝ මිහිබට දිව්‍ය ලෝකය මෙය බව උද්දාමයෙන් පැවසීය.
පලමු විදුලි අත්දැකීම ලබා වසරක් ගිය තැන (1882 ජුනි 26) අද වැනි දිනකම කොලඹ පිහිටි බ්‍රිස්ටල් හෝටලය කුඩා ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් උපයෝගි කරගෙන විදුලි බුබුළු වලින් ආලෝක මත් කරන ලදි එතැන් සිට ලාංකිකයන්ට විදුලිය ආගන්තුක වූයේ නැත
පසුව ලංකාවේ විවිධ ප්‍රදේශ වල විදුලි ආලෝකය මද වශයෙන් භාවිතා කල බවට සාධක තිබුනා 1885 ජොර්ජ් ස්මිත් නම් ඉංග්‍රීසි ජාතිකයාට අයත් පස්සර ප්‍රදේශය ගෝනකැලේ වතුයායේ සීමිත ප්‍රමාණයක ජල විදුලිය භාවිතා කල බවට සාක්ෂි තිබෙනවා
එවකට ලක් වැසියනට විදුලි බලයෙන් ලබාගත හැකි ප්‍රයෝජන පිලිබඳව වැඩි අවබෝධයක් මෙන්ම ඇල්මක්ද නොතිබුනාවෙන් පුවත්පත් දැන්වීම් මෙන්ම ප්‍රචාරක වැඩ සටහන් මගින් එයට සම්බන්ධ ව්‍යපාරිකයන් විසින් ජනතාව දැනුවත් කිරීමට මහත්සේ උත්සුක විය.
1895 ජුනි මස 28 දින කොලඹ කොම්පඤ්ඤ වීදියේ තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී විදුලිය පිලිබද පලමු දේශනය සීමාසහිත වෝකර් පුත්‍රයෝ සහ සමාගමේ එල් වෝකර් නම් ඉංජිනේරු මහතා විසින් සිය පලමු සැසියේ දේශනය පවත්වා මෙසේ ප්‍රකාශ කරන ලදි
වාෂ්ප බලයෙන් යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම අතීතයට අයත් එකකි දුම්රිය නෞකා වාහන විදුලි බලයෙන් ධාවනය කරන යුගය ඈතක නොවේ කොලඹ විදුලි ආලෝකයෙන් බැබලෙනු දකින්නට අප කැමතිය විදුලියෙන් ඉහුම් පිහුම් කරන සෞම්‍ය ආලෝකයෙන් බැබලෙන සුව පහසු නිවෙස් දකින්නට කැමතිය සූත්‍රිකා පහන් වලින් කහ පැහැති ආලෝකය ලබා දෙයි නිවෙස් වලට කුඩා කාමර වලට මෙය ඉතා කදිමය මෙය පාවිච්චි කිරීමෙන් බිත්ති සහ සිවිලිම කලු නොවෙයි ගිනි ගැනීම අවදානම අඩුය ගිනිපෙට්ටි පාවිච්චි කිරීමට අවශ්‍ය නැතැයිද සිය දේශනයෙන් ප්‍රකාශ කර ඇත.සුදු අදිරාජ්‍යවාදීන් ඉන්දියාවටත් කලින් අපට විදුලි ආලෝකය හදුන්වා දී ඇත




No comments: